සංචාරකයන් 2,380දෙනෙක් රැගත් Mein Schief 6 සුඛෝපභෝගී මගී නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබෙනවා.
වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කළේ Malta ධජය යටතේ යාත්‍රා කරන මෙම නෞකාවේ 951ක කාර්යය මණ්ඩලයක් සේවය කරන බවයි.
මෙම නෞකාව මෙරටට පැමිණි පළමු අවස්ථාව මෙය වන අතර එය දිගින් මීටර් 295ක් සහ පළලින් මීටර් 42ක් වන බවයි වාර්තා වන්නේ.
මෙලෙස පැමිණි සංචාරකයන් සංස්කෘතික කලා සංදර්ශන ප්‍රදර්ශනය කරමින් පිළිගැනීමට අදාළ සංචාරක සමාගම් විසින් කටයුතු සම්පාදනය කර තිබෙනවා.
(colombotimes.lk)
