ධවල මන්දිරය විසින් 'The White House' නමින් නව දුරකථන යෙදවුමක් නිකුත් කර තිබෙනවා.
එම මන්දිරය සඳහන් කළේ එමඟින් ජනාධිපතිවරයා සම්බන්ධ සියලුම යාවත්කාලීන තොරතුරු ලබා ගත හැකි බවයි.
මේ අතර ඇමරිකානු මුදල් නෝට්ටුවක අත්සන් තැබූ ප්‍රථම ජනාධිපතිවරයා බවට ඩොනල්ඩ් ට්‍රම්ප් පත්වනු ඇති බව එරට භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළා.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ ලබන ජූනි මාසයේ සිට නිකුත් කරන නව නෝට්ටුවල ජනාධිපතිවරයාගේ අත්සන් දැකගත හැකි බවයි.
1861 වසරේ සිට වසර 165ක් පුරා එරට මුදල් නෝට්ටුවල අත්සන් කිරීමේ බලය භාණ්ඩාගාරිකවරයා වෙත පැවරී තිබෙනවා.
(colombotimes.lk)
