colombotimes.lk
සිංහල | English

01 July 2024

Travel Times | වියළි තෘණවලින් වැසී පවතින කන්ද



ශ්‍රී ලංකාවේ උසින් වැඩිම කන්ද විදියට ලෙස සැලකෙන්නේ පිදුරුතලාගල කන්දයි. උසින් වැඩිම කන්ද නිසා දවසේ වැඩිම කාලයක් මීදුමෙන් වැහිලා තමයි තියෙන්නේ. මුහුදු මට්ටමේ ඉදලා මීටර් 1,800 ක් පමණ උසකින් පිහිටි නුවරඑළිය නගරයට ආසන්නයෙන් ඇරඹෙන මේ කන්ද මීටර් 2,524ක උසකින් යුක්තයි.

පිදුරුතලාගල කන්දට මේ නම ලැබිලා තියෙන්නේ 1940 දශකයේදී. මෙහි මුදුන තිරස්ව විහිදුණු ගල් තැනිතාලාවක්. වියළි තෘණවලින් වැසී පවතිනවා. ඒ කාලයේ නුවරඑළිය ප්‍රදේශයට පැමිණි වියළි කාලගුණ තත්වයක් නිසා මේ තණකොළ කමතක පිදුරු තැළුවා වගේ වියළී ගිහින් තිබිලා. ඉතින් කට වහරින් පිදුරු තැළුව ගල, පිදුරුතලාගල කියලා නම පටබැදිලා තියෙනවා.

Pidurutalagala Conservation Forest | Attractions in Sri lanka

පිදුරුතාලගලට යන්නේ කොහොමද?

කලින් කිව්වා වගේ පිදුරුතලාගල කන්ද පිහිටලා තියෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ. කොළඹ ඉදලා 177.2 km දුරක් තමයි පිදුරුතලාගල කන්දට තියෙන්නේ.

ඉතින් ඔයා පිදුරුතලාගල කන්දේ සුන්දරත්වය විදින්න බස් එකේ යන්න හිතාගෙන ඉන්නවා නම් මුලින්ම කොළඹ කොටුවෙන් හැටන් බස් එකක් නගින්න ඕනේ. ඊට පස්සේ හැටන් වලින් බැහැලා නුවරඑළියට බස් එකක ගිහින් නුවර එළිය Stand එකෙන් බහින්න. එතන ඉදලා පිදුරුතලාගලට බස් ඕන තරම් තියෙනවා.

ඒත් ඔයා කැමති අවට සුන්දරත්වය විදිමින් කෝච්චියේ පිදුරුතලාගලට යන්න නම් කොළඹ කොටුව Station එකෙන් බදුල්ලට යන Train එකක නගින්න ඕනේ. ඊට පස්සේ නානු ඔය Station එකෙන් බැහැලා එතන ඉදලා පිදුරුතලාගලට Taxi එකක වුණත් යන්න පුළුවන්.

Pidurutalagala Mountain, Sri Lanka | The Vacation Gateway

පිදුරුතලාගල සුන්දරත්වය

පිදුරුතලාගල කන්ද ආශ්‍රිත වනාන්තරයේ දකින්න පුළුවන් ශාක හා සතුන් බොහොමයක් අපේ රටටම ආවේණිකයි.
මීවන වර්ග, බාඳුරා මල්, බිනර වර්ග, උඩවැඩියා වර්ග, දිවියන්, ගෝනුන්, දඬු ලේනුන් උදාහරණ විදියට අපිට දක්වන්න පුළුවන්. මෙහි ළා කොළ වෘක්ෂලතා දක්නට ලැබෙන අතර ගිම්හාන කාලයේ දී සුදුමැලි කහ වර්ණයට හුරු පිඳුරු පැහැයක් ගන්නවා. ඒ නිසාම තමයි මේ කන්දට පිදුරුතලාගල කියන නම ලැබිලා තියෙන්නේ.

කඳුමුදුනේ ඉදලා බැලුවම (මීදුමෙන් තොර, පැහැදිලි දිනකදී) හග්ගල, ශ්‍රීපාදය, කිකිළියමාන, සින්ගල් ට්‍රී, කොනිකල් හිල්, හෝර්ටන්තැන්න, තොටුපළකන්ද යන සුන්දර ස්ථාන දැකගැනීමේ අවස්ථාව අපිට ලැබෙනවා.

මෙහි තියෙන තවත් විශේෂත්වයක් තමයි ලංකාව බෙදා වෙන්කරන සිතියම් 92 න් සිතියම් හතරක් යාවන ස්ථානයක් වීම. එම සිතියම් වන්නේ.,

1. බදුල්ල සිතියම
2. නුවරඑළිය සිතියම
3. ගම්පොල සිතියම
4. හඟුරන්කෙත සිතියම

Climbing, Hiking වලට හොදම තැනක් තමයි මේ පිදුරුතලාගල කන්ද. ඉතින් කන්ද පිහිටි අවට පරිසරයේ සුන්දරත්වය නරඹන්න වගේම Climbing සහ Hiking අත්දැකීම් විදගන්නත් දෙස් විදෙස් සංචාරකයෝ පිදුරුතලාගලට එන්න පුරුදු වෙලා ඉන්නවා. ඉතින් ඔයා පිදුරුතලාගල කන්ද නගින්න එනවා නම් අප්‍රේල් හෝ මැයි තමා සුදුසුම.

Pidurutalagala is the highest mountain in Sri Lanka, near Nuwara Eliya

Special Note

රූපවාහිනී සංස්ථාවේ කුළුණු, ගුවන්විදුලි සම්ප්‍රේෂණ කුළුණු මෙහි පිහිටුවා ඇති හෙයින් අධි ආරක්ෂිත කලාපයක් ලෙසට පිදුරුතලාගල කන්ද නම් කරලා තියෙනවා. ඒ හැමදේටම වඩා වැදගත්ම කරුණ වෙන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව පාලනය කරන ආරක්ෂක හමුදාවන්හි රේඩාර් පද්ධතිය මෙහි පිහිටුවා තිබීමයි .මේ නිසා මෙය අධි ආරක්ෂිත කලාපයක්.

මෙය නැරඹීම සඳහා ඇතුල් වීම සම්පූර්ණයෙන්ම නොමිලේ වන අතර යුධ හමුදාව මඟින් තමයි පාලනය වෙන්නේ. ඒ වගේම තමයි උදේ 8 ඉදලා හවස 4 වෙනකන් විතරයි ඔයාට පිදුරුතලාගල සුන්දරත්වය විදින්න වෙලාව නම් හම්බවෙන්නේ.

(Dinithi Thilakarathne @ COLOMBO TIMES)