77වන නිදහස් දින සැමරම් උත්සවය පෙබරවාරි 04 වන දින නිදහස් චතුරස්‍රය පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.
රාජ්‍ය පරිපාලන අමාත්‍ය ඒ. එච්. එම්. එච්. අබේරත්න සඳහන් කළේ 'ජාතික පුනරුදයට පෙළගැසෙමු' යන තේමාව යටතේ මෙවර නිදහස් උත්සවය පැවැත්වෙන බවයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (30) උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
මේ අතර මාධ්‍ය හමුවට එක්වෙමින් ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා කියා සිටියේ නිදහස් දින සැමරුම් පෙළපාලියේ සංයුතිය යම් වෙනසක් සිදුකර ඇති බවයි.
ඒ අනුව මෙවර හමුදා පෙළපාලිය සාමාජිකයන් 1,873කට සීමා කර තිබෙනවා.
ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ ගිය වසරට සාපේක්ෂව හමුදා සමාජිකයන් 1,511දෙනෙක්ගේ අඩුවීමක් මෙවර දැකගත හැකි බවයි.
එමෙන්ම මෙවර නිදහස් දින සැමරුමට ත්‍රිවිධ හමුදා සන්නද්ධ රථ යොදා නොගන්නා බවද ඔහු කියා සිටියා.
ඔහු කියා සිටියේ මේ අතර නාවික හමුදාව විසින් සාම්ප්‍රදායික වෙඩිමුර 25ක් පැවැත්වීමට නියමිත බවයි.
ගිය වර භාවිත කළ ගුවන් යානා 19න් මෙවර ගුවන් යානා 3ක් පමණක් නිදහස් දින සැමරුම වෙනුවෙන් යොදාගන්නා බවද ඔහු කියා සිටියා.
(colombotimes.lk)