03 September 2025

logo

ට්‍රම්ප්ගෙන් ඉරානයට ප්‍රබල පිළිතුරක්



ඉරානය සහ ඊශ්‍රායලය අතර අතර පවතින යුද ගැටුමට ඇමරිකාව සම්බන්ධ නොවන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. 

Truth Social ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කළේ ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කරන ලද නව ප්‍රහාර සම්බන්ධයෙන් ඇමරිකාව කිසිදු සම්බන්ධයක් නොපවතින බවයි. 

මේ අතර ඉරානය එල්ල කරන ප්‍රහාර හමුවේ ඊශ්‍රායලය ආරක්ෂා කිරීමට ඇමරිකාව, ප්‍රංශය සහ එක්සත් රාජධානිය කටයුතු කළහොත් එම රටවල් 3ට අදාළ කලාපයේ පිහිටි නැව් සහ හමුදා කඳවුරු ඉලක්ක කර ප්‍රහාර දියත් කිරීමට කටයුතු කරන බවට ඉරානය අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා. 

මීට පිළිතුරු ලබාදෙමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ආකාරයකින් හෝ පහරදීමක් සිදුවුවහොත් එක්සත් ජනපද හමුදාවන්ගේ පූර්ණ ශක්තිය සහ බලය ඉරානයට දැක ගත හැකි වනු ඇති බවයි. 

 
(colombotimes.lk)