එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ප්‍රංශය වෙත ඉරානය විසින් අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරානය එල්ල කරන ප්‍රහාර හමුවේ ඊශ්‍රායලය ආරක්ෂා කිරීමට එම රටවල් කටයුතු කළහොත් එම රටවල් 3ට අදාළ කලාපයේ පිහිටි නැව් සහ හමුදා කඳවුරු ඉලක්ක කර ප්‍රහාර දියත් කිරීමට කටයුතු කරන බවට ඉරානය අනතුරු අඟවා ඇති බවයි.
මේ අතර ඉරානයේ සෑම ස්ථානයකටම සහ සෑම ඉලක්කයකටම තම ප්‍රහාර එල්ල කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් තෙන්යාහු ප්‍රකාශ කර තිබෙනවා.
ඊශ්‍රායලය විසින් මේ දක්වා සිදුකර ඇති ප්‍රහාර හමුවේ ඉරාන හමුදාපතිවරුන් 20දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)