11 July 2025

logo

2009ට පෙර ගත් රියදුරු බලපත්‍ර සම්බන්ධයෙන් නිවේදනයක්



2009 වසරට පෙර ලබා ගත් රියදුරු බලපත්‍ර අවලංගු කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බවට පළවන පුවත් සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

එහි සඳහන් වන්නේ අදාළ රියදුරු බලපත්‍ර අවලංගු කිරීම සම්බන්ධව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කඩිනම් තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවයි. 

මේ සම්බන්ධ ඉදිරි කටයුතු මේ වන විට සිදු කිරීමට පියවර ගෙන ඇති බවත් 2009 වසරට පෙර ලබා ගත් රියදුරු බලපත්‍ර වෙනුවට නව රියදුරු බලපත්‍ර ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දැනුම්දී තිබෙනවා. 

(colombotimes.lk)