ගාලු කොටුව තුළ රථ වාහන ගමනාගමනය සඳහා ක්රියාත්මක වූ එක් දිශාවකට පමණක් ධාවනය කිරීමේ නීතිය අද (04) සිට අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
ගාල්ල මහ නගර සභාවේ රථ වාහන කමිටුව විසින් මෙම තීරණය ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
එම කමිටුව වැඩිදුරටත් සඳහන් කළේ මෙම මංතීරු නීතිය නිසා ත්රිරෝද රථ රියදුරන්, අධිකරණයට පැමිණෙන ජනතාව සහ නීතිඥවරු පිරිසක් ඇතුලු මහජනතාව කළ චෝදනා සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි.
(colombotimes.lk)