පසුගිය 2023 වසර වන විට නාමික දළ දේශීය නිෂ්පාදනය සඳහා ඉහළම දායකත්වය ලබාදී ඇත්තේ බස්නාහිර පළාත වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
එහි අගය දැක්වෙන්නේ 43.7%ක් ලෙසයි.
බස්නාහිර පළාත තුළ සේවා සහ කර්මාන්ත අංශ ඒ සඳහා වැඩි දායකත්වයක් ලබාදී තිබෙනවා.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ සමස්ථ දළ දේශීය නිෂ්පාදනය සඳහා දෙවන සහ තෙවන වශයෙන් ඉහළම දායකත්වය ලබාදීමට වයඹ සහ මධ්‍යම පළාත් සමත්වී ඇති බවයි.
එමෙන්ම පසුගිය වසරේදී මෙරට නාමික දළ දේශීය නිෂ්පාදනය රුපියල් බිලියන 27,630ක් වන බවද එහි සඳහන්.
(colombotimes.lk)