යේමනයේ හූති කැරලිකරුවන් ඉලක්ක කරමින් ඇමරිකාව ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ යේමනයේ සානා අගනුවර හූති කැරලිකරුවන්ගේ මිසයිල ගබඩාවක් සහ අණදෙන මධ්‍යස්ථානයක් ඉලක්ක කර එම ප්‍රහාර එල්ල කර ඇති බවයි.
රතු මුහුදට ඉහළින් දියත් කළ හූති ඩ්‍රෝන යානා කිහිපයක්ද ඇමරිකානු හමුදා වෙඩි තබා බිම හෙළා තිබෙනවා.
ඇමරිකාව විසින් එම ප්‍රහාර එල්ල කර ඇත්තේ රතු මුහුදේ යාත්‍රා කරන සිය නෞකා ඉලක්ක කර හූති කැරලිකරුවන් එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර ලෙසයි.
මේ අතර හූති කැරලිකරුවන් ඊයේ (21) ඊශ්‍රායලයේ ටෙල් අවිව් නුවර උද්යානයකටද මිසයිල ප්‍රහාර දියත් කර තිබෙනවා.
ඒ හයිපොසොනික් බැලැස්ටික් මිසයිල භාවිතා කරමින් බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)