22 December 2024


නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක්



නොවැම්බර් මාසයේදී මෙරට නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කර තිබෙන බව මහ බැංකුව පවසනවා.

මහ බැංකුව සඳහන් කළේ නව ඇණවුම්, නිෂ්පාදන, සේවා නියුක්තිය ඇතුළු අංශ ගණනාවක වර්ධනයක් පෙන්නුම් කරන බවයි.

එමෙන්ම සේවා අංශයේද නව ව්‍යාපාර ක්‍රියාකාරකම්වල පැහැදිලි ඉහළයාමක්ද දක්නට ලැබෙන බව මහ බැංකුව ප්‍රකාශ කළා.

ණයදීම සහ සංචාරක පැමිණීම ඉහළයාම මෙයට හේතු වී තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)