colombotimes.lk
සිංහල | English

20 September 2024

INTERNATIONAL
POLITICAL


SL Vs NZ - 1st Test | දෙවන දිනය නිමා වන විට නවසීලන්තය ලකුණු 255ක් රැස් කරයි



ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ 2 වන දිනය අද (19) නිමා වන විට නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 4ක් දැවී ලකුණු 255ක් ලබාගෙන සිටිනවා.

එහිදී Tom Latham ලකුණු 70ක් සහ Kane Williamson අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 305ක් රැස් කරගත්තා.

ඒ අනුව ශ්‍රී ලංකා පළමු ඉනිම පසු කිරීමට නවසීලන්ත කණ්ඩායමට තවත් අවශ්‍ය වන්නේ ලකුණු 50ක් පමණයි.

තරගයේ 3වන දිනය හෙට උදෑසන 10.00ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

(colombotimes.lk)