colombotimes.lk
සිංහල | English

20 September 2024

INTERNATIONAL
POLITICAL


පුද්ගල වෙළඳාම පිළිබද ආරක්ෂක අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්



මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවලට පුද්ගලයන් වැඩි කිරීමක් දක්නට ලැබෙන බවට පුද්ගල වෙළදාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය අනතුරු අඟවනවා.

තොරතුරු තාක්ෂණික දැනුම ඇති වෘත්තිකයන් ඉලක්ක කර ගනිමින් මෙම පුද්ගල වෙළඳාම සිදු කරන බවට තොරතුරු ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

තායිලන්තය වැනි රටවල ඉහළ වැටුප් සහිතව තොරතුරු තාක්ෂණ අංශයේ රැකියා ලබා දෙන බවට පොරොන්දු වෙමින් තරුණ තරුණියන් රවටා ඔවුන් ඩුබායි වෙත රැගෙන ගොස් දේශසීමා හරහා මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවලට යොමු කරන බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

(colombotimes.lk)