colombotimes.lk
සිංහල | English

20 September 2024

INTERNATIONAL
POLITICAL


හිමිකරුවන්ට භාර නොදුන් ඡන්ද දැන්වීම් පත්‍රිකා තොගයක් හමු වෙයි



හිමිකරුවන්ට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 148ක් ලබා නොදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තැපැල් දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

නියෝජ්‍ය තැපැල්පති රාජිත.කේ. රණසිංහ සඳහන් කළේ පුත්තලම ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක තිබී අදාළ ඡන්ද දැන්වීම් පත්‍රිකා සොයා ගත් බවයි.

තාවකාලික පදනම මත සිටි අදාළ ලිපි බෙදාහැරීමේ නිලධාරීයාගේ සේවය අත්හිටවූ බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)