colombotimes.lk
සිංහල | English

20 September 2024

INTERNATIONAL
POLITICAL


ජාතික ආරක්ෂක සභාව රැස් වෙයි



අද (19) ජාතික ආරක්ෂක සභාව රැස් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ඒ ජනාධිපතිවරණ දිනයේදී රට තුළ නීතිය හා සාමය ක්‍රියාත්මක කරමින් සහ ජනාධිපති අපේක්ෂකන්ගේ හා ඡන්ද මධ්‍යස්ථානවල ආරක්ෂාව තහවුරු කරමින් මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහායි.

එමෙන්ම එහිදී පශ්චාත් මැතිවරණ කාල සිමාවේ ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවීම වැළැක්වීම සඳහා අදාළ නීතිය ක්‍රියාත්මක කිරීමටද උපදෙස් ලබා දී තිබෙනවා.

(colombotimes.lk)