වසරේ ගත වූ කාල සීමාව තුළ වනඅලි මරණ 128ක් සිදු වී තිබෙන බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ පසුගිය ජනවාරි 01වනදා සිට මැයි 15වනදා දක්වා කාලය තුළ මෙම වනඅලි මරණ වාර්තා වී තිබෙන බවයි.
එහිදී වෙඩි තැබීම්වලින් වනඅලි මරණ 20ක්ද, විදුලිසැර වැදීම් හේතුවෙන් මරණ 15ක්ද, හක්ක පටස් ආහාරයට ගැනීමෙන් මරණ 10ක් සහ වගා ළිංවලට වැටීමෙන් මරණ 05ක්ද සිදු වී තිබෙන බවයි.
එමෙන්ම ඊට අමතරව විෂ ශරීර ගතවීම්, දුම්රියේ ගැටීම්, දියේ ගිලීම් වැනි අනතුරුවලින් ද වනඅලි මරණ සිදු වී තිබෙනවා.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ නැගෙනහිර කලාපයෙන් වැඩිම වනඅලි මරණ සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන බවයි.
එමෙන්ම පොළොන්නරුව සහ අනුරාධපුර වන ජීවි කලාපවලින් ද වනඅලි මරණ වාර්තා වී තිබෙනවා.
වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ මීට අමතරව වනඅලි පහරදීම් හේතුවෙන් පුද්ගල මරණ 35ක් ද වසරේ ගත වූ කාල සීමාව තුළ වාර්තා වී තිබෙන බවයි.
(colombotimes.lk)
