02 April 2025


විදේශිකයන්ට ත්‍රීරෝද රථ ලබාදීමේදී හිමිකරුවන්ට නීති මාලාවක්



ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණෙන විදෙස් ජාතිකයන් මෙරටදී ත්‍රීරෝද රථ පැදවීමේ ප්‍රවණතාව ඉහළ ගොස් තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඒ හේතුවෙන් පසුගිය කාලසීමාවේදී විදෙස් ජාතිකයන් පදවන ත්‍රීරෝද රථ මාරක හා බරපතළ අනතුරුවලට ලක්වී ඇති බවයි.

විදේශිකයන්ට ත්‍රීරෝද රථ පැඳවීම සඳහා බලපත්‍ර නොමැති බවත් එමෙන්ම ඔවුන්ට ඒ සඳහා නිසි පුහුණුවක් හෝ නොමැති බව පොලීසියට කරුණු අනාවරණය වී තිබෙනවා.

පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ මෙම තත්ත්වය වළක්වාගැනීම හා පාලනයකිරීම සඳහා ගනු ලබන පියවරක් ලෙස යම් විදේශිකයෙක් ත්‍රිරෝද රථ පදවන අවස්ථාවකදී, ඔහුට වලංගු බලපත්‍රයක් නොමැති නම් එම රථයේ අයිතිකරු කැඳවා ප්‍රකාශ සටහන් කර ඔහුට විරුද්ධව අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරන බවයි.

(colombotimes.lk)