25 June 2025

logo

යළි ඊශ්‍රායලයට පැමිණෙන ශ්‍රී ලංකිකයන්ට උපදෙස් මාලාවක්



ඉරාන - ඊශ්‍රායල් යුද තත්ත්වය හේතුවෙන් සිවිල් ජනයාට ඒකරාශිවීමට සහ උත්සව පැවැත්වීම වෙනුවෙන් පනවා තිබූ තහනම ඉතා ඉක්මනින් අහෝසි කිරීමට කටයුතු යොදමින් තිබෙන බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා. 

එහි තානාපති නිමල් බණ්ඩාර සඳහන් කළේ ඊශ්‍රායලයට අයත් ගුවන් සමාගම් කිහිපයක් ටෙල්අවිව් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට සීමිත ජාත්‍යන්තර ගුවන් ගමන් ප්‍රමාණයක් ද ආරම්භ කර ඇති බවයි. 

දැනට පවතින යහපත් තත්ත්වය හමුවේ බොහේ විට අද (25) දිනයේ ජාත්‍යන්තර ගුවන් ගමන් සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට ද අවකාශය පවතින බවද ඔහු සඳහන් කළා. 

එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ දැනට පවතින සටන් විරාමය රැකගැනීමට ඊශ්‍රායලය හා ඉරානය යන රටවල් දෙකම එකඟ වී  ඇති බවයි. 

ශ්‍රී ලංකාවේ  දැනට රැඳී සිටින පිරිස් යළි ඊශ්‍රායලය වෙත පැමිණීමේදී ගුවන් ටිකට් පත් පිළිබඳව විස්තර අදාළ විදේශ රැකියා ආයතන මඟින් විමසන ලෙස තානාපති කාර්යාලය ඉල්ලා සිටිනවා. 

තානාපති කාර්යාලය සඳහන් කළේ බොහෝ මගීන් පිරිසක් එකවර පැමිණීමට අපේක්ෂා කරන බැවින් ගුවන් ටිකට් පත් ලබා ගැනීමට තරමක තදබදයක් තිබිය හැකි බවයි. 

ටෙල්අවිව් වෙත පැමිණෙන ගුවනගමන් හෝ ඊශ්‍රායලයේ ටෙල්අවිව් ගුවන් තොටුපොළේ තත්ත්වය පිළිබඳව වැඩිදුර විස්තර සඳහා තානාපති කාර්යාලය අමතන ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර ඉල්ලා සිටිනවා. 

(colombotimes.lk)