22 April 2025


පොලිස් නිලධාරීන්ට ඡන්දය සලකුණු කිරීමට මහනුවර විශේෂ මධ්‍යස්ථානයක්



සිරි දළදා වන්දනාවේ රාජකාරීවල නිරත වී සිටින නිලධාරීන්ට තැපැල් ඡන්දය භාවිතා කිරීම සඳහා විශේෂ මධ්‍යස්ථානයක් මහනුවර නගරයේ ස්ථාපිත කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක පවසනවා.

ඔහු සඳහන් කළේ මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ අදාළ තැපැල් ඡන්ද මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇති බවයි.

එමෙන්ම අදාළ රාජකාරීවල නිරත පිරිසගේ තැපැල් ඡන්ද පත්‍රිකා මහනුවර මැතිවරණ ‍කාර්යාලයට යොමුකර ඇති බවත් කාර්යාල වේලාව තුළදී වෙන් කර ඇති දිනවල එම නිලධාරීන්ට තැපැල් ඡන්දය භාවිතා කළ හැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)