20 April 2025


යුක්‍රේන ජනාධිපතිගෙන් රුසියාවට චෝදනාවක්



රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් රුසියානු - යුක්‍රේන යුද්ධයට 'පාස්කු සටන් විරාමයක්' ප්‍රකාශයට පත් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ අනුව ඊයේ (19) සිට අනිද්දා (21) මධ්‍යම රාත්‍රිය දක්වා රුසියානු - යුක්‍රේන සටන් නතර කර ඇති බවයි.

කෙසේ වෙතත් යුක්‍රේනයේ ඇතැම් ස්ථානවල රුසියාව හමුදා ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවට යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි චෝදනා කර තිබෙනවා.

(colombotimes.lk)