13 December 2025

logo

රථ වාහන වැරදි කළ රියදුරන් 4,000කට වැඩ වරදියි



කොළඹ නගරය ආශ්‍රිතව පොලීසිය මඟින් ස්ථාපිත කර ඇති CCTV කැමරා මඟින් ලබා ගන්නා දර්ශනවලට අනුව රථ වාහන වැරදි සිදු කළ රියදුරන් 4,000කට වැඩි පිරිසකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව පොලීසිය පවසනවා.

පොලීසිය සඳහන් කළේ මේ වසරේ අප්‍රේල් මස 20වනදා දක්වා කාලය තුළ මාර්ග නීති උල්ලංඝනය කළ රියදුරන් 4,048 දෙනෙක්ට එරෙහිව දඩ හෝ අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

මෙම වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග වැඩිදුරටත් ප්‍රකාශ කළා.

(colombotimes.lk)