22 April 2025


ව්‍යවස්ථාදායක සභාව විශේෂ තීරණයක් ගැනීමට රැස්වෙයි



නව විගණකාධිපතිවරයෙක් පත් කර ගැනීම සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාව පාර්ලිමේන්තුවේදී අද (22) රැස්වීමට නියමිතව තිබෙනවා.

මෙම තනතුර සඳහා ජාතික විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති ධර්මපාල ගම්මන්පිල ඇතුළු කිහිපදෙනක්ගේ නම් ඉදිරිපත්ව ඇති බවයි වාර්තා වන්නේ.

පුරප්පාඩු වී ඇති විගණකාධිපති තනතුර සඳහා ජාතික විගණන කාර්යාලයේ සේවයේ නියුතු සුදුසුකම් සහිත ජ්‍යෙෂ්ඨතම නිලධාරියාට ප්‍රමුඛතාව ලබාදීම මෙතෙක් පැවති සම්ප්‍රධාය බව සඳහන්.

වෘත්තීය සමිති සඳහන් කළේ බාහිර තැනැත්තෙක් එම තනතුරට පත් කිරීමෙන් රජය කෙරෙහි පවතින ජනතා විශ්වාසය පළුදු විය හැකි බවයි.

(colombotimes.lk)