අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද (18) අග්‍රාමාත්‍ය ආචාර්ය අමරසූරිය සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ඒ අගමැති කාර්යාලයේදීයි.
දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය භාරයේ පවතින මල්වාන ප්‍රදේශයේ පිහිටි ඉඩම සහ නිවස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පැවරීමට එහිදී අග්‍රාමාත්‍යවරිය එකඟ වූ බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ප්‍රකාශ කළා.
ඒ එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
එහිදී ඔහු කියා සිටියේ පැවති සාකච්ඡාවේදී හැකි ඉක්මනින් මෙම ඉඩම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පැවරීමට තීරණය කළ බැවින් මේ මොහොත් එම පරිශ්‍රයෙන් ඉවත් වීමට තමන් ඇතුළු පිරිස කටයුතු කරන බවයි.
(colombotimes.lk)
