16 May 2025


පාර්ලිමේන්තුවේ අද විශේෂ රැස්වීමක්



පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැසක්වීමක් අද (16) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන්.

පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වෙන එම රැස්වීමේදී ලබන සතියේ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය සකස් කිරීම සිදු කරන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ලබන 20, 21, 22 සහ 23 යන දිනවල පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

(colombotimes.lk)