13 December 2025

logo

වත්කම් සහ බැරකම් භාර දිය යුතු දින ගැන දැනුම්දෙයි



වාර්ෂික ප්‍රකාශය සිදු කළ සියලුම පුද්ගලයන් පසුගිය මාර්තු 31වන විට පැවති සිය වත්කම් සහ බැරකම් ජුනි 30වනදා හෝ ඊට පෙර ආයතන ප්‍රධානීන් වෙත භාර දිය යුතු බව දැනුම්දී තිබෙනවා.

ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්.

අනතුරුව ලබාදී තිබෙන උපදෙස් අනුගමනය කරමින් අදාළ අකෘතීන් සම්පූර්ණය කර ආයතන ප්‍රධානීන් විසින් කොමිසන් සභාවට ඉදිරිපත් කළ යුතු බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)