16 May 2025


විත්තිකරුවන් තිදෙනෙක්ට මරණීය දණ්ඩනය නියම කරයි



හෙරොයින් මත්කුඩු සන්තකයේ තබාගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනා ලබා සිටි විත්තිකරුවන් තිදෙනෙක්ට කොළඹ මහාධිකරණය අද (16) මරණීය දණ්ඩනය නියම කර තිබෙනවා.

2018 වසරේ බේරුවල ආශ්‍රිත මුහුදු සීමාවේදී බහුදින ධීවර යාත්‍රාවකින් හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 17කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමේදී මෙම තිදෙනා අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි තවත් විත්තිකරුවන් 05 දෙනෙක් නිදොස්කොට නිදහස් කිරීමටද කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ නියෝග කළා.

(colombotimes.lk)