16 May 2025


චාමර සම්බන්ධව අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමක් විසි වෙයි



අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුකරයකට අදාළව මේ වන විට ඇප මත මුදාහැර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකගේ ඇපය අවලංගු කර ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ එම නඩුව අද (16) කැඳවූ අවස්ථාවේදීයි.  

අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ කරුණුවලින් සැකකරුගේ ඇප අවලංගු කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු අනාවරණය නොවීම හේතුවෙන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව මහේස්ත්‍රාත්වරිය කියා සිටියා.


(colombotimes.lk)