17 March 2025


ජනපති සහ සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීන් අතර විශේෂ හමුවක්



ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස ජාත්‍යන්තරයේ ඉහළ පිළිගැනීමකට ලක්වී ඇති බැවින් ඒ පිළිබදව විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ සංචාරක අමාත්‍යාංයේ නිලධාරීන් සමඟ අද (17) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි.   

මෙරටට පැමිණෙන සංචාරකයන් සඳහා ගුණාත්මක යටිතල පහසුකම් සහ සේවාවන් සැපයීම අත්‍යාවශ්‍ය බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර තිබෙනවා.

එමෙන්ම මෙවර අයවැයෙන් සංචාරක අමාත්‍යාංශය වෙනුවෙන් වෙන් කරන ලද ප්‍රතිපාදන සහ ඒ යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳව මෙහිදී අවධානය යොමු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

සංචාරක ක්ෂේත්‍රයේ නව පියවරක් තබමින් සංචාරකයන් මිලියන 03ක් මෙම වසරේදී මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන අතර ඒ වෙනුවෙන් අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනයට මෙම ප්‍රතිපාදන යොදා ගැනීම පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

(colombotimes.lk)