25 June 2025

logo

නවකවදය වැළැක්වීමට විශේෂ වැඩපිළිවෙළක්



නවකවදය ඇතුළු සියලු ආකාරයේ හිංසනයන් වැළැක්වීම සඳහා කාර්ය සාධක බළකායක් පත්කර තිබෙනවා. 

ඒ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව විසින්. 

විෂය භාර අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ උපදෙස් මත මෙම කාර්ය සාධක බළකාය පත්කර තිබෙනවා. 

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ විශ්වවිද්‍යාල මෙන්ම අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන තුළ පවතින නවකවදය ඉන් තුරන් කිරීම වර්තමාන රජයේ ප්‍රමුඛතම අරමුණක් වන බවයි.

මීට අමතරව ශිෂ්‍යන් වෙත ශිෂ්‍යන්ගෙන්, ආයතන පරිපාලනයෙන් හෝ වෙනත් පාර්ශව හරහා සිදුවන සියලුම ආකාරයේ හිංසනයන් මෙන්ම එම පාර්ශවවලින් ආචාර්යවරුන්ට සහ අනධ්‍යයන සේවකයන්ට සිදුවන හිංසනයන් ද නතර කිරීම  කාර්ය සාධක බළකායේ අරමුණක් බවද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළා. 

එම කාර්ය සාධක බළකායට සාමාජිකයන් 16දෙනෙක් ඇතුළත් වන බවයි වාර්තා වන්නේ. 

ඉදිරියේදී මෙම කාර්ය සාධක බළකාය යටතේ විශ්වවිද්‍යාල මට්ටමින් සහ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන මට්ටමින් ඒකක පිහිටුවීමට ද යෝජනා වී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කළා. 

(colombotimes.lk)