විද්‍යාඥයින් පිරිසක් විසින් Lord of the Rings කතා මාලාවේ දුෂ්ටයා වන Sauron නමින් නව සමනලුන් විශේෂයක් නම් කර තිබෙනවා.
සමනලයාගේ තැඹිලි පැහැති පිහාටු අග ඇති කළු පැහැති මුද්දක් මෙන් වූ හැඩය හේතුවෙන් ඔවුන් මෙසේ නම් කර ඇති බව සඳහන්.
එම හැඩය Sauron ගේ 'සියල්ල දැකිය හැකි ඇස' සිහිපත් කරන බවද ඔවුන් පැවසුවා.
මෙසේ අලුතින් නම් කරන ලද Saurona ගණයට සමනල විශේෂ දෙකක් ඇතුලත් කර තිබෙනවා.
ඒ අනුව ඔවුන් Saurona triangular සහ Saurona aurigera ලෙස හඳුන්වා ඇතත්, තවත් විශේෂ කිහිපයක් මේ සඳහා එක් කිරීමට බලාපොරොත්තු වන බව විද්‍යාඥයින් පවසනවා.
(colombotimes.lk)