10 May 2025


ජර්මන් ජාතික තරුණියකගෙන් පැය 05ක ප්‍රකාශයක්



ජර්මන් ජාතික තරුණියක් කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ රුසියානු තානාපති කාර්යාලය අසල සැක කටයුතු ලෙස ලැප්ටොප් පරිගණකයක් තබා යෑමේ සිද්ධිය සම්බන්ධයෙන්.

පොලීසිය සඳහන් කළේ භාෂා පරිවර්තකයෙක් මාර්ගයෙන් එම සැකකාර තරුණියගෙන් පැය 05කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.

ඇයව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

 
(colombotimes.lk)