කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප නියම කළ වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති උදේනි අතුකෝරළ යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ ඔහු ඇප කොන්දේසි සපුරාලීමට අපොහොසත් වීම හේතුවෙන්.
2018 වසරේ සිට 2022 වසර දක්වා කාල සීමාව තුළ අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවා.
හිටපු සභාපතිවරයාව රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 05ක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී නියෝග කළා.
(colombotimes.lk)