ශ්‍රී ලංකා ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයන් වශයෙන් කාණ්ඩගත කිරීමට සහ එය පදනම් කරගෙන රඳවා ගැනීමේ බදු අය කිරීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම සලකා බැලීම සඳහා ලබන 15වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.
මෙම ගැටලුව නිරාකරණය කිරීමට හැකියාවක් තිබේදැයි වග උත්තරකරුවන්ගෙන් උපදෙස් ලබාගන්නා ලෙසත් වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මනෝහර ජයසිංහ වෙත විනිසුරු මඩුල්ල විසින් දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක සහ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.
(colombotimes.lk)
