10 May 2025


බංගලාදේශ ජාතිකයන් 34ක් අත්අඩංගුවට



වීසා කාලය ඉක්මවා නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලාදේශ ජාතිකයන් 34දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ආගමන විගමන දෙපාර්තමේන්තු විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින්.

සීදුව ප්‍රදේශයේ නවාතැන්පොළක රැඳී සිටියදී එම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන්ව වැලිසර ආගමන විගමන දෙපාර්තමේන්තුවට අයත් රැඳවුම් මධ්‍යස්ථානය වෙත යොමු කර තිබෙනවා.

ආගමන විගමන දෙපාර්තමේන්තුව සදහන් කළේ ඔවුන්ව කඩිනමින් බංගලාදේශය වෙත පිටුවහල් කිරීමට කටයුතු කරන බවයි.

 
(colombotimes.lk)