09 May 2025


යුපුන්ට තාවකාලික විවේකයක්



ආබාධ තත්ත්වයක් හේතුවෙන් තාවකාලිකව විවේක ගන්නා ලෙස වෛද්‍යවරුන් ශ්‍රී ලංකා සුපිරි ධාවන ශූර යුපුන් අබේකොන් වෙත දැනුම්දී තිබෙනවා. 

පසුගියදා පැවති Savona මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 අවසන් මහා තරගයේදී ඔහු මෙලෙස ආබාධයකට ලක් වුණා. 
 
එහිදී ඇතිවූ ආබාධ තත්ත්වයත් සමග ඔහුව අද දිනයේ MRI පරීක්ෂාවකට ලක්කර තිබෙන බව වාර්තා වනවා. 
 
ඒ අනුව අනාවරණය වී ඇත්තේ ඔහුගේ පාදයේ සුළු ආබාධ තත්ත්වයක් ඇතිව තිබෙන බවයි.
(colombotimes.lk)