19 March 2025


මධ්‍යම අධිවේගයේ බිහිසුණු අනතුරක්



මධ්‍යම අධිවේගී මාර්ගයේ 48.5R ස්ථානයේදී වෑන් රථයක් ලොරි රථයක පිටුපස ගැටී අනතුරක් ඊයේ (18) සිදුවී තිබෙනවා.

මෙම අනතුරෙන් පුද්ගලයන් 06 දෙනෙක් තුවාල ලබා එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

කුරුණෑගල දෙස සිට මීරිගම දෙසට ධාවනය වූ වෑන් රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව එම දිසාවටම ඉදිරියෙන් ගමන්ගත් ලොරි රථයක පිටුපස ගැටී එම අනතුර සිදු වී තිබෙනවා.
 
එම අනතුර සම්බන්ධයෙන් මීරිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)