යුක්‍රේනයේ ඛේ(ර්)සන් ප්‍රදේශයට රුසියානු ආරක්ෂක අංශ එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 48 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ප්‍රහාරයත් සමග ඛේ(ර්)සන් නගරයේ දුම්රිය ස්ථානයක්, නිවසක්, සුපිරි වෙළෙඳසැලක් ඇතුළු දේපළවලට ද හානි සිදුව තිබෙන අතර පසුගිය සිකුරාදා සිට මෙම නගරයට ඇඳිරි නීතිය පනවා ඇති බව වාර්තා වෙනවා.
මේ අතර රුසියානු ජනාධිපතිවරයා ඉලක්ක කරගනිමින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බවට පල වී ඇති පුවත් අසත්‍යයක් බව යුක්‍රේනය පවසනවා.
(colombotimes.lk)