colombotimes.lk
සිංහල | English

07 May 2024

නිදහසින් පසු ප්‍රථම වරට නීත්‍යානූකූල බලපත්‍රයක් සහිතව රිය පැදවීමේ අවස්ථාව තවත් පිරිසකට



නිදහසෙන් පසු ප්‍රථම වරට නීත්‍යානූකූල බලපත්‍රයක් සහිතව රිය පැදවීමේ අවස්ථාව ශ්‍රවණාබාධිත ජනතාවට හිමිවන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, කුරුණෑගල ජෝන් කොතලාවල විද්‍යාල පරිශ්‍රයේදී පැවැති විශේෂ අවස්ථාවකට එක් වෙමින්.

ඒ, ශ්‍රවණාබාධිත සහිත ජනතාව වෙනුවෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද විශේෂ ජංගම සේවාවකදී බව සඳහන්.

අමාත්‍යවරයා කියා සිටියේ, ශ්‍රවණ ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වූ නියමු ව්‍යාපෘතියෙන් අනතුරුව හිමි වූ කැබිනට් අනුමැතියට යටත්ව මෙම අවස්ථාව වයඹ පළාතේ ජනතාවට ද හිමි වන බවයි.
(Colombotimes.lk)