ඉරානය සමඟ පවත්වන සාකච්ඡා අසාර්ථක වුවහොත් එම රටට එරෙහි ප්‍රහාර තවදුරටත් දැඩි කරන බව ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් පවසනවා.
ඇය කියා සිටියේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අපේක්ෂාව සාමය උදා කිරීම බවත් තවදුරටත් සිදුවන ජීවිත හානි සහ විනාශයන් ඔහු අනුමත නොකරන බවයි.
කෙසේ වෙතත් ඉරානය මේ වන විට හමුදාමය වශයෙන් පරාජයට පත්ව ඇති බවත් පවතින යථාර්තය පිළිගැනීමට ඉරානය අපොහොසත් වුවහොත් පෙර නොවූ විරූ ආකාරයේ ප්‍රහාරයකට මුහුණදීමට සිදුවන බවට ට්‍රම්ප් සහතික කර ඇති බව ධවල මන්දිර මාධ්‍ය ලේකම්වරිය වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)
