28 December 2024


හමාස් සටන්කාමීන් භාරයේ සිටි කුඩාම ප්‍රාණ ඇපකාරිණිය (VIDEO)



හමාස් සටන්කාමීන් විසින් ඔක්තෝබර් 07 වැනිදා ඊශ්‍රායලයට සිදු කළ ප්‍රහාරයෙන් පසුව ඔවුන් විසින් පැහැරගෙන ගිය සිව් හැවිරිදි ඊශ්‍රායල-ඇමරිකානු දැරියක් ඊයේ (26) මුදා හැර තිබෙනවා. 

මුදා හරින ලද ප්‍රාණ ඇපකරුවන් 17 දෙනා අතර සිටි මේ කුඩා දැරිය අවිගේල් ඉඩන් ලෙසයි විදෙස් මාධ්‍ය හඳුන්වා දී ඇත්තේ. 
 
ප්‍රාණ ඇපයට ගන්නා විට අවිගේල් ට වයස අවුරුදු තුනක්. 
 
හමාස් විසින් ප්‍රාණ ඇපයට තබාගෙන සිටියදී ඇයට වයස අවුරුදු හතරක් සම්පූර්ණ වී තිබෙනවා. 
 
හමාස් සටන්කාමීන් විසින් ඇගේ දෙමාපියන්ට ප්‍රහාරයක් එල්ල කර ඝාතනය කිරීමෙන් අනතුරුව, ඇය දිවි ගලවාගෙන ඇගේ අසල්වැසි නිවසකට ඇවිද යන විට හමාස් සටන්කාමීන් විසින් ඇයව පැහැරගෙන ගොස් තිබුණා. 
 
අවිගේල්ගේ ලොකු නැන්දා සහ ඇගේ ඥාති සොහොයුරියක් කියා සිටියේ අවිගේල් ආරක්ෂිතව නිවසට පැමිණීම සහනයක් බවයි. 
 
අවිගේල් නිදහස් කර ගැනීමට සම්බන්ධ වූ අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, කටාර් රජය සහ අනෙකුත් අයටත් ඇය ස්තූතිය පළ කළ අතර ඉතිරි ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙස ද ඉල්ලා සිටියා.
(colombotimes.lk)
 
 
Abigail Mor Edan, 3, has both American and Israeli citizenship and was living in Israel when terrorists from Gaza stormed her kibbutz, Kfar Azza, on fateful October 7
Abigail
Abigail, the youngest sibling, somehow managed to find her way to her neighbor. She is now being held captive in Gaza with Hamas terrorists