විදුලි ගාස්තුව පිළිබඳ මහජනතාවගෙන් වාචික අදහස් විමසීම හෙට (23) සිට සිදු කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව ලබන ජුනි මස 03වනදා දක්වා සියලු පළාත් ආවරණය වන පරිදි වාචික අදහස් ලබාගැනීම සිදු කිරීමට නියමිතයි.
එමෙන්ම විදුලි ගාස්තු 18.3% කින් වැඩි කිරීමට අදාළ යෝජනා ඇතුළත් උපදේශන පත්‍රිකාව ලංකා විදුලි බල මණ්ඩලය විසින් පසුගියදා මහජන උපයෝගිතා කොමිසම වෙත භාරදී තිබෙනවා.
විදුලිබල මණ්ඩලය සඳහන් කළේ යෝජිත නව විදුලි ගාස්තු සංශෝධනයට අනුව ගාස්තුව වැඩිවන නමුත් එය මෙම වසර මුලදී පැවති විදුලි ගාස්තුවට වඩා අඩු අගයක් වනු ඇති බවයි.
(colombotimes.lk)