01 July 2025

logo

කටාර් රාජ්‍යයෙන් ට්‍රම්ප්ට තෑග්ගක්



කටාර් රාජ්‍යයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ලබාදුන් ගුවන්යානය ඇමරිකානු රජය විසින් පිළිගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ නිල ගුවන් ප්‍රවාහය වන එයාර් ෆෝස් වන් බලඇණිය සඳහා කටාර් රාජ්‍ය වෙතින් බෝයි 747 වර්ගයේ ගුවන් යානයක් තැගී ලෙස ලබාදුන් බවයි.

ඒ අනුව සියලු නීති රේගුලාසීවලට අනුව අදාළ යානය ඇමරිකානු රජය විසින් පිළිගෙන ඇති බව ඇමරිකානු ආරක්ෂක ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

(colombotimes.lk)