01 July 2025

logo

පාකිස්ථානයේ පාසල් බස් රථයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්



පාකිස්ථානයේ Balochistan පළාතේ පාසල් බස් රථයක් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන කාර් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරයෙන් පාසල් දරුවන් සිව්දෙනෙක් මියගොස් ඇති බවයි.

එමෙන්ම තවත් පුද්ගලයන් 38දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

මෙම ප්‍රහාරයේ වගකීම කිසිදු කණ්ඩායමක් විසින් මෙතෙක් භාරගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)