02 July 2025

logo

ගාසා තීරය ඊශ්‍රායල හමුදා පාලනය යටතට



ගාසා තීරය මේ වන විට මුළුමනින්ම සිය හමුදා පාලනය යටතේ පවතින බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊශ්‍රායලය පසුගිය සිකුරාදා සිට ගාසා තීරයේ සිය හමුදා මෙහෙයුම් වැඩි කළ බවයි.

ඒ අනුව ගතවූ පැය 24 තුළ පමණක් ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් ගාසා තීරයේ පලස්තීනුවන් 83දෙනෙක් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මේ අතර ගාසා තීරයේ ළමුන්ගෙන් 93% කට අධික පිරිසක් තවමත් සාගත තත්ත්වයක පසුවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වාදී තිබෙනවා.

ඒ පසුගිය මාර්තු 02 වන දින සිට ගාසා තීරයට ආහාර හෝ ආධාර ට්‍රක් රථ ඇතුළු වීම ඊශ්‍රායලය විසින් අවහිර කර ඇති පසුබිමකදීයි.  

(colombotimes.lk)