colombotimes.lk
සිංහල | English

07 May 2024

වැඩ බලන දුම්රිය සාමාන්‍යාධිකාරීවරයෙක් පත් කෙරෙයි



වැඩ බලන දුම්රිය සාමාන්‍යාධිකාරී ධූරයට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් එස්. එස්. මුදලිගේ මහතා පත්කර තිබෙනවා.

ඒ, හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා වූ එච්. එම්. කේ. ඩබ්. බණ්ඩාර මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වී ඇති දුම්රිය සාමාන්‍යාධිකාරී ධූරයේ රාජකාරි ආවරණය කිරීම සඳහායි.

ඒ අනුව පුරප්පාඩුව පවතින එම තනතුර සඳහා සුදුසු නිලධාරියකු අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන තෙක් එහි රාජකාරී ආවරණය කිරීම සඳහා මෙම පත් කිරීම සිදු කර තිබෙනවා.

(colombotimes.lk)