මියගිය LTTE නායක වේළුපිල්ලේ ප්රභාකරන්ගේ දියණිය වන ද්වාරකා ප්රභාකරන් තවමත් ජීවතුන් අතර සිටින බවට කෘත්‍රිම බුද්ධිය යොදා ගනිමින් වීඩියෝ පටයක්, නොවැම්බර් 27 වැනිදා ලොව පුරා ප්‍රචාරය කිරීමට සූදානම් වන බවට විදෙස් බුද්ධි අංශ ශ්‍රී ලංකාවට අනතුරු අඟවා තිබෙන බව Daily Mirror වාර්තා කරනවා.
නොවැම්බර් 27 වෙනිදා LTTE විසින් 'මා වීරර් දිනය' හෙවත් මහා විරු දිනය ප්‍රකාශයට පත් කළ දිනය වන අතර එදින ප්රභාකරන් විශේෂ කතාවක් කිරීම සිරිත වුණා.
නෝර්වේ හි පිහිටි ජාත්‍යන්තර කොටි ජාලය මෙම වීඩියෝ පටය යොදාගෙන විදේශ රටවල අරමුදල් රැස්කිරීමට සැලසුම් කර ඇති බවට ද හෙළිවී තිබෙනවා.
එමෙන්ම මේ සඳහා මියගිය LTTE නායක ප්රභාකරන්ගේ නෝර්වේහි සිටින ඥාතීන්ගේ කැමැත්තද ලබාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
පෙරිම්පනායගම් සිවපරන් නොහොත් නෙදියවන්, නෝර්වේ සිට LTTE සංවිධානය යළි පණ ගැන්වීමට කිහිප වරක් උත්සාහ කළ නමුත් එය ව්‍යර්ථ කිරීමට බුද්ධි අංශ සමත් වුණා.
(colombotimes.lk)