ඇමරිකානු තානාපති අරමුදල යටතේ 12 වන සියවසට අයත් බෞද්ධ ස්මාරකයක් වන පොළොන්නරුවේ ථූපාරාම පිළිමගෙය සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය ඊයේ (17) පවත්වා තිබෙනවා.
මේ උත්සවයට ඇමරිකානු තානාපති ජූලි චන්ග්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිමිදුම සුනිල් සෙනවි, නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත්, බුද්ධශාසන, අහමික හා සංස්කෘතික කටයුතු ලේකම් ඒ. එම්. පී. එම්. බී. අතපත්තු, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් කුරේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වී තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)