ඉන්දියාවෙන් ආනයනය කරන ලද ලුණු තොගයක් ලබන සතියේදී මෙරටට ලැබීමට නියමිත බව ශ්රී ලංකා රාජ්ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා.
එම ප්රමාණය ලුණු මෙට්රික් ටොන් 15,000ක් බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ජනවාරි 31 වනදාට පෙර ලුණු මෙට්රික් ටොන් 30,000ක් මෙරටට ගෙන ඒමට නියමිතව තිබෙනවා.
ශ්රී ලංකා රාජ්ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේ රාජ්ය ඉකුත් මෝසම් සමයේදී දේශීය ලුණු නිෂ්පාදනයට ඇති වූ බලපෑම නිසා රජය ලුණු ආනයනය කිරීමට තීරණය කර තිබූ අතර ඒ සඳහා ආනයනකරුවන් දෙදෙනෙක්ට අවරස ලබාදුන් බවයි.
(colombotimes.lk)