19 January 2025


රටපුරා පවතින සතොස අලෙවිසැල් සංඛ්‍යාව වැඩි කිරීමට සැලසුම්



ඉදිරි වසර තුන ඇතුළත රටපුරා පවතින සතොස අලෙවිසැල් සංඛ්‍යාව දහසක් දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කළා.

ඒ අද (18) පැවති අනුරාධපුර සතොස වෙළඳසැල නවීකරණය කිරීමෙන් අනතුරුව නැවත විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින්.

එහිදී ඔහු කියා සිටියේ මෙම වසර තුළදී සතොස අලෙවිසැල් 150ක් ආරම්භ කිරීමටද සූදානම් කර ඇති බවයි.

(colombotimes.lk)