18 December 2024


පළාත් රැසක වායු දූෂණය නැවතත් ඉහළට



පළාත් කිහිපයක වායු ගුණත්වය නැවතත් අහිතකර මට්ටමකට පැමිණි ඇති බව මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක අජිත් ගුණවර්ධන ප්‍රකාශ කළා.

ඔහු සඳහන් කළේ කොළඹ, මහනුවර, ගාල්ල සහ උතුරු පළාතේ එලෙස වායු ගුණත්වය අහිතකර මට්ටමකට පැමිණ ඇති බවයි.

එමෙන්ම යාපනය ප්‍රදේශයේ වායු ගුණත්වය පිළිබඳ අඛණ්ඩව මාසයක් පරීක්ෂණ සිදු කර එහි අහිතකර දේ තිබේදැයි අධිකරණයට කරුණු ඉදිපත් කරන ලෙස අභියාචනාධිකරණය ඊයේ (17) මධ්‍යම පරිසර අධිකාරියට නියෝග කළා.
 
එහිදී අහිතකර තත්ත්වයක් තිබුණහොත් ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ ක්‍රමවේදයක් සකසන ලෙසද අධිකරණය පරිසර අමාත්‍යවරයා ඇතුළු පිරිසකට නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ.

නඩරාජා උමාසූකි විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.


(colombotimes.lk)